2025 පළමු මාස හයේ අපනයන ආදායම ඩොලර් බිලියන 8.3 ඉක්මවයි.!

ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති බවත්, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

2025 ජූනි මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රේගුව සහ විද්‍යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත අනුව පෙන්නුම් කරයි.

2025 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව සඳහා වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 6,504.72 ක් විය, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 5.86%ක වර්ධනයකි.

2025 ජූනි මාසයේදී සේවා අපනයනවලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309.61 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 16.38 % ක වර්ධනයකි.

වර්ෂයේ පළමු මාස හය තුළ සේවා අපනයන 9.78%කින් වර්ධනය වී අති අතර ඇමරිකානු ඩොලර් මිලියන 1,833.14 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *