රු.කෝටි 500ක් වංගු ගහපු හිටපු ඇමැතියෙක් ළඟදීම අල්ලයි.!

රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කිරීමට අදාළව පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් කොමිසමට ලැබී තිබූ පැමිණිලි විමර්ශනයෙන් අනතුරුව අදාළ අමාත්‍යංශයේ නිලධරයන් කිහිපදෙනකුගෙන්ද කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

විවිධ ව්‍යාපෘති සඳහා යැයි කියමින් රජයේ මුදල් අවභාවිත කිරීම, අදාළ ආයතනයෙන් ලබාදෙන විවිධ රැකියා කෝටා සඳහා ව්‍යාපාරිකයන්ගෙන් අයථා ලෙස මුදල් ලබාගැනීම සහ අදාළ අමාත්‍යංශයෙන් විවිධ වෘත්තිකයන්ට ලබාදුන් එක්තරා වරප්‍රසාදයක් ලබාදීමට අල්ලස් මුදල් ලබාගැනීම ආදී බරපතළ චෝදනා රැසක් මෙම හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇතැයි වාර්තාව සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *