කුරුලු උයනේ හිමිකරු යළි රිමාන්ඩ්.!

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරු එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකයාවරයා ද එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

අදාළ සැකකරු පසුගිය 17 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගිය දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගනු ලැබීය.

පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවය.

මේ අතර, මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකයා ද පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *