ජනාධිපති අනුර මාලදිවයිනේ නිල සංචාරයකට සැරසෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරතවන බව බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතය.

එමෙන්ම මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගිවීමට නියමිතව ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *