අස්ගිරි පාර්ශ්වයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රජමහ විහාරාධිපති අපවත්වී වදාළ ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (24දා) ප.ව. 2.30ට රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය උඩුගම මහා විහාරයීය ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමි අනුස්මරණ විශ්‍රාම ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත. ඊයේත් (23දා) විශාල පිරිසක් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණියහ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න