චෝදනාවට ලක්වූ වෘත්තීය සමිති 59ක තටු කපයි.!

වෘත්තීය සමිති 59 ක් විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

සෑම වෘත්තීය සමිතියක්ම වෘත්තීය සමිති ආඥා පනත අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

මේ අනුව ඉකුත් 2023 වර්ෂයේදී පමණක් වෘත්තිය සමිති 128ක් ලියාපදිංචි කර ඇත.

රටේ දැනට වලංගු මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2122කි.
මේ තොරතුරු සඳහන් වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවේය.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *