චීන වෙළෙඳපොළට ලංකාවෙන් කුකුළු මස්.!

චීන වෙළෙඳපොළට මෙරට කුකුළු මස් අපනයනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාපටිපාටිය සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සැපයීම සඳහා ව්‍යාපෘතියක් සඳහා චීනය හා ශ්‍රී ලංකාව අතර භාරදීමේ සහතිකය අත්සන් කිරීමට නියමිත බවත් චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවත් ඒ මහතා එහිදී පැවසීය.

එහිදී ඇතිකරගනු ලබන එකඟතාවයන් අනුව චීන මාධ්‍ය දැනුම සහ තාක්ෂණය උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත්කර ගැනීම තහවුරුකර ගැනීමට මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *