මගීන් මහ මග බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි.!

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවට විරෝධය පළකරමින් මොරටුව ප්‍රදේශයේ බස් රථයක් එහි සිටි මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේය.

Spread the news

Comments

“මගීන් මහ මග බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි.!”ට ප්‍රතිචාර 5ක්

  1. Ranjith Weerakkody Avatar
    Ranjith Weerakkody

    ගැමුණුට ඕන ඕන විදිහට මගී සේවා පාලනය කරන්න දෙන්න බෑ..මේක නියාමනය කිරීමක් අවශ්‍යයි ..මේ පෞද්ගලික ⁣මගී සේවාව තුල දැඩි විනයක් තිබිය යුතුමයි.. මග මරුවන් වෙන්න දෙන්න බෑ

  2. Mañana himikam komisama kiyayi neda onaa ekekuta kamathi deyak karanna himikama thiyenawa me rate kiyala.

  3. හේරත් Avatar

    නියමයි ආයේ ඔය පර බල්ලාට බලපත්‍රය දෙන්න එපා.

  4. Poojitha Rathnayake Avatar
    Poojitha Rathnayake

    වැඩ පිළිවෙළ ඉතාමත් හොඳයි

  5. මාලිමාවෙ කොයි වැඩ පිලිවෙලත් ඉතා අනර්ගයි විශිෂ්ටයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *