අවන්හලක් අසල මාර්ගයේ තිබි හමුවූ ගිනිඅවි උණ්ඩ ගැන සොයද්දී රංජිත් සියඹලාපිටියගේ නමත් ගෑවෙයි.!

පසුගියදා කොළඹ නුවර මාර්ගයේ 76 කණුව අවන්හලක් අසල මාර්ගයේ තිබි හමුවූ 9M වර්ගයේ පතුරොම් 15ක් සහිත උණ්ඩ ගැබක් හමුවිය.

අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කෑගල්ල පොලිසිය මෙම පතරොම් ගැබ ගලිගමුව අබන්පිටිය පදිංචි හර්ෂ රගුනාථ සියඹලාපිටිය යන අයගේ බවට අනාවරණය කර කරගෙන ඇත.

හර්ෂ රගුනාථ සියඹලාපිටිය යනු හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ පුද්ගලික ලේකම්ගේ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වේ.

පසුගිය 2008 වස⁣රේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් සිටි කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කල පිස්‌ස්තෝල ගිනි අවියට අමතරව තබාගත් මැගසිනය එය බවට අනාවරණය වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *