මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති හෙයින් ආසන සංවිධායකවරුන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයන් වහාම වෙනස් කරන්නැයි ආසන සංවිධායකවරුන් පිරිසක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පෞද්ගලිකවම හමු වී දැඩිව ඉල්ලීමක් කර ඇත.
එසේ වෙනස් කර ජනතා ආකර්ෂණීය පුද්ගලයන් එම තනතුරුවලට පත් කරන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති.
සමග ජන බලවේගය එක දිගට ජනාධිපතිවරණ දෙකක් මහ මැතිවරණ තුනක් හා පළාත් පාලන මැතිවරණයත් පරාජයට පත්ව ඇති හෙයින් එම මැතිවරණ පරාජයන්ට ආසන සංවිධායකවරුන්ට පමණක් චෝදනා එල්ල කිරීම අසාධාරණ බව පෙන්වාදී ඇති එම නියෝජිතයන් පක්ෂ නිලධාරී මණ්ඩලය කඩිනමින් වෙනස් නොකළහොත් ඉදිරි මැතිවරණද පරාජයට පත්වීම නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කර ඇත.
ඔවුන් පක්ෂ නායකත්වයට මෙසේ දැඩිව ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පරාජයට වගකිවයුතු බව පවසමින් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.
පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම් මහ මැතිවරණයෙන් මීට වඩා ලොකු ආසන ප්‍රමාණයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් එම ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයකට යොමු වූයේ නම් ලොකු ජයග්‍රහණයකට යෑමට අවස්ථාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න