කෝප් කමිටුවෙන් සිදු කළ ආයතන 06ක වංචා දූෂණ වාර්තා නිතීමය ක්‍රියාමාර්ග ගන්න CIDයට බාර දෙයි.!

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රාජ්‍ය ආයතන හයක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ සියලු තොරතුරු වාර්තා නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ළඟදීම භාර දීමට තීරණය කර ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සබරගමුව විශ්වවිද්‍යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතන හයේ දූෂණ සම්බන්ධ වාර්තා මෙසේ භාරදෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

ඉහත ආයතනවල සිදුව ඇති දූෂණ වංචා අතරින් බරපතළ කොටස් වෙනම තෝරාගෙන මෙසේ බාර දෙන බවද ඔහු සඳහන් කළේය.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධීන් පිළිබඳව විමර්ශන ආරම්භ කෙරෙනු ඇත.

මේ අතර විවිධ ඉඩම් අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන 17 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපතිවරයා පැවසීය.

කාබනික පොහොර ගනුදෙනුවට අදාළ වාර්තාවක්ද මේ දිනවල පිළියෙල කරගෙන යන බව නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *