සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයටම A සාමාර්ථ ගත් සිසුන් 13392ක්.. පළාත් අනුව සමත් ප්‍රතිශත මෙන්න.!

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

එය විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක්ය.

එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

එය ප්‍රතිශතයක් ලෙස 4.15%කි.

පළාත් අනුව ශිෂ්‍ය සමත් ප්‍රතිශත

බස්නාහිර 74.47%
මධ්‍යම 73.91%
දකුණ 75.64%
උතුර 69.86%
නැගෙනහිර 74.26%
වයඹ 71.47%
උතුරු මැද 70.24%
ඌව 73.14
සබරගමුව 73.47%

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *