හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ සමයේ ඇඳි සාරියකින් සැරසී වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම හේතුවෙන් මේ වන විට කතාබහට ලක්වී තිබේ.
අප්සාරි මහත්මිය දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය නොකරන නමුත්, එම ගුවන් සේවයට අයත් නිල ඇඳුමකින් මෙලෙස සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සියලුම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයින්, ගුවන් සේවිකාවන් ඇතුළුව, සේවයෙන් ඉවත්වීමේදී හෝ විශ්‍රාම යන අවස්ථාවේදී තම නිල ඇඳුම් සහ අනෙකුත් සියලුම ආම්පන්න ආයතනයට භාර දිය යුතු බවයි.
එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ, අප්සාරි තිලකරත්නගේ මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය නීතිමය මතය විමසීමට අපේක්ෂා කරන බවයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න