හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්ය.
පසුගිය 5වනදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ලැබී තිබේ.
එහිදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.
ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින පාතාල නායකයින් හා ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බව සඳහන්ය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න