මනුෂ්‍ය ඝාතන ගැන පිල්ලෙයාන් කට අරී.!

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී සිදුකළ බව කියන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.

*පසුගිය 2008 වසරේ මඩකලපුව ප්‍රදේශයේදි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම.

*පසුගිය 2008 වසරේදී පිල්ලෙයාන්ගේ සංවිධානයේ සිටි පුද්ගලයෙක් කාන්තන්කුඩි ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනය කිරීම. ඔහු ඒ වනවිට යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කරමින් සිට ඇත.

*පසුගිය 2007 – 2008 කාලසීමාවේදී මඩකලපුව ප්‍රදේශයේදි බෝට්ටුවකින් ගොස් කලපු ප්‍රදේශයකදී ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවින්ද්‍රනාත් ඝාතන සිද්ධියට අදාළව මෙම ඝාතන සියල්ල අනාවරණය වී ඇත.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර එම කඳවුරු පිල්ලෙයාන්ට එරෙහිවන පුරවැසියන් රඳවා තබාගැනීමට යොදාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ගේ මැදිහත්වීමෙන් අදාළ කඳවුරු පරීක්ෂා කිරීම සිදුකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *