ජනපති හා දකුණු අප්‍රිකානු හිටපු ජනපති අතර හමුවක්.!

ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වි තිබේ.

එහිදී දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙය සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත්, මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව මෙහිදී සඳහන් කර ඇත.

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවද හෙතෙම පවසා තිබේ.

සාමය හා සංහිඳියාව ළඟාකර ගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවත්, විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග බෙදාගැනීමට තමා කැමති බවත් හිටපු ජනපති Mbeki මහතා ප්‍රකාශ කළේය.

විවිධත්වයක් සහිත ජන කණ්ඩායම් එකට එකතු කර ගනිමින්, පවතින ආර්ථික අභියෝග හා ජාතික සංහිඳියාව පිළිබඳ අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට හැකි බවද ඒ මහතා මෙහිදී සිය විශ්වාසය පළ කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *