ජනපතිගේ යාපනේ සංචාරය ගැන පැතිරෙන අසත්‍ය පුවතක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය කරුණු පැහැදිළි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා ඉකුත් 31වැනිදා සිදුකළ යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා කළ බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අවධාරණය කරයි.

එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකළ බවත්, ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කළ බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනය,

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *