ආරවුල් ඇති කර ගනිමින් රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත්, රටක් ඉදිරියට යන්නේ ජාතීන් අතර සමගියක් නිර්මාණය වුවහොත් පමණක් බවත් ඊයේ (31) යාපනය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ඒ අනුව වත්මන් ආණ්ඩුව ජනතාව අතර සමගිය නිර්මාණය කිරීමට විශාල වෙහෙසක් ගන්නා බවත්, ජනතාව අතර ජාතිවාදයක් නොමැති බව පසුගිය මැතිවරණවල ප්‍රතිඵලයන්ගෙන් තහවුරු වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
හොරකම් කරන ලද පුද්ගලයින්ට දඬුවම් ලබාදිය යුතු බවත්, එලෙස හොරකම් කරන ලද පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
පසුගිය මැතිවරණයේදී විවිධ වේදිකාවල සිටි පිරිස් මේ වන විට එක්වීම සඳහා සාකච්ඡා පවත්වන බවත්, ඔවුන් එක්වීමට කටයුතු කළද ජනතාව සහ වත්මන් ආණ්ඩුව එකට සිටිනතාක් ඔවුන්ට එය සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඔවුන් එකතු වී උත්සාහ කරන්නේ සිදුවන පරීක්ෂණ නැවැත්වීමට හා දඬුවම් ලබාදීම වැළැක්වීමට බවත්, උඩින් ඔවුන් එකතු වුවද ජනතාව එකතු වී සිටින්නේ වත්මන් ආණ්ඩුව සමඟ නිසා දූෂිතයින්ට දඬුවම් ලබාදීම අනිවාර්යයෙන් සිදු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න