කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනෙකු සහ බෑණා අත්අඩංගුවට.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) පෙරවරුවේ ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්.

මුදල් විශුද්ධීකරණ චෝදනාවක් යටතේ සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර ඊයේ (18) දිනයේ දී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දෙවැනි දියණිය ද අත්අඩංගුවට ගැනුණා.

අධිකරණයෙන් ඇප හිමිවුණ ද, ඇප කොන්දේසි සම්පූර්ණ කරලීමට නොහැකි වීම මත ඔවුන් ව රක්ෂිත බන්ධනාගාරගතකිරීමටයි පියවර ගැනුණේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *