චාමර සම්පත්ට එරෙහි නඩුවට දින දෙයි.!

ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 18 දින කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියම කළාය.

ඇප මත සිටින සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන විභාගය නොවැම්බර් 18 දිනට කල් තැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *