කොටස් වෙළෙඳපොළ ජනවාරියේදී 7%කින් ඉහළට.!

මෙම වසරේ ජනවාරි මාසය තුළදී 7.39% ක වර්ධනයක් ලඟා කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබේ.

ඒ අනුව 2025 වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය, ඊයේ (31) දිනයේ සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7 ක් දක්වා ඉහළ ගොස්, මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙස සටහන් වී තිබිණි.

එසේම, ඊයේ දිනයේ දී රු. බිලියන 5.15ක සමස්​ත ගනුදෙනු පිරිවැටුමක් ද වාර්තා වී ඇති බව සඳහන් ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *