වංචා දූෂණ ඥාති සංග්‍රහවලින් වැන­සුණු රට දැන් යළි ගොඩනැඟෙ­මින් පව­ති­නවා – මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම හිමි.!

වංචා දූෂණ හා ඥාති සංග්‍රහ නිසා මේ රටට පසු­ගිය කාලයේ වැනසුනු බවත් දැන් යම් පිළි­වෙ­ළ­කට රට ගොඩ­නැ­ඟෙ­මින් පව­තින බවත් මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක පූජ්‍ය දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති.

මාලි­මාව බල­යට පැමි­ණි­ය­හොත් මාස යහ­කට වඩා ආණ්ඩු නොක­රන බවට ඇතැ­මුන් ප්‍රකාශ කළ මුත් එසේ සිදු නොවුණු බවත් වංචා, දූෂණ හා අක­ට­යු­තු­ක­ම්ව­ලින් තොරව පාල­නය ගෙන යන්නේ නම් ජනතා ආශී­ර්වා­දය සැමදා පව­තින බවත් උන්ව­හන්සේ කීහ.

අනු­නා­හි­මියෝ එසේ පැව­සුවේ මහ­නු­වර මහා නගර සභාවේ අභි­නව නග­රා­ධි­පති චන්ද්‍ර­සිරි විජේ­නා­යක මහතා පෙරේදා (12) මල්වතු මහා විහා­ර­යට ගොස් උන්ව­හන්සේ බැහැ­දැක ආශී­ර්වාද ලබා­ගත් අව­ස්ථා­වේදී ය. පසු­ගිය කාලයේ රට බර­ප­තළ ගැටලු රැස­කට මුහුණ දුන්නේ පාල­ක­යින් ගත් වැරදි තීන්දු නිසා බවත් ඥාති සංග්‍රහ මෙන්ම වංචා, දූෂණ, සොර­කම් ඇතුළු කරුණු ගණ­නා­වක් මෙයට බලපෑ බවත් අනු­නා­හි­මියෝ පැව­සූහ.

වත්මන් පාල­නය යටතේ වංචා, දූෂණ, සොර­කම් සිදු නොවනු ඇතැයි ජන­තාව විශ්වාස කරන බවත් එම විශ්වා­සය තහ­වුරු වනසේ කට­යුතු කිරීම මහ­ජන නියෝ­ජි­ත­යන් සියලු දෙනාගේ වග­කීම බවත් විම­ල­ධම්ම නාහි­මියෝ ප්‍රකාශ කළහ.

මහ­නු­වර නග­රයේ අන­ව­සර වෙළෙ­ඳාම මෙන්ම අවි­ධි­මත් ඉදි කිරීම් බහු­ලව දක්නට ලැබෙන බවත් මේවා සම්බ­න්ධ­යෙන් පක්ෂ, පාට භේද­යෙන් තොරව නීතිය ක්‍රියා­ත්මක විය යුතුව තිබෙන බවත් අනු­නා­හි­මියෝ පැව­සූහ.

ශ්‍රී දළදා මාලි­ගාව, මල්වතු අස්ගිරි උභය මහා විහා­රය, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය හා උද්භිද උද්‍යා­නය ඇතුළු පූජ­නීය මෙන්ම සුවි­ශේෂි ස්ථාන­ව­ලින් සම­න්විත මහ­නු­වර ලෝක උරුම නග­රය විධි­මත් ලෙස සංව­ර්ධ­නය විය යුතුව ඇතැයි ද එහි දී නගර සභා­වට විශාල කාර්ය­භා­ර­යක් පැව­රෙන බවත් උන්ව­හන්සේ කීහ.

මෙහි දී අද­හස් දැක්වූ නග­රා­ධි­පති චන්ද්‍ර­සිරි විජේ­නා­යක මහතා ජන­තාව පැවති පාල­නය වෙන­ස්කර මාලි­මා­වට බලය ලබා දුන්නේ වංචාව හා දූෂ­ණය පිටු­දැක යහ­පත් පාල­න­යක් වෙනු­වෙන් බවත් එම ජනතා අපේක්ෂා ඉටු කිරී­මට මහ­ජන නියෝ­ජි­ත­යින් සියලු දෙනා ඇප­කැප වන බවත් පැව­සු­වේය.

මෙම අව­ස්ථා­වට මහ­නු­වර මහා නගර සභාවේ නියෝජ්‍ය නග­රා­ධි­පති රුවන් කුමාර මහතා ඇතුළු ජාතික ජන බල­වේ­ගයේ මන්ත්‍රී­වරු පිරි­සක් ද සහ­භාගි වූහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *