ඉල්ලා අස්වූ බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකගෙන් CID ප‍්‍රශ්න කරයි.!

බන්ධනාගාර කොමසාරිස් (පාලන) සහ හිටපු මාධ්‍ය ප්‍රකාශක වූ ගාමිණී බී. දිසානායක සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ඔහු, ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ගාමිණී බී. දිසානායක මහතාව පසුගිය 9 වැනිදා සහ 11 වැනිදා දිනවලදී මෙලෙස කැඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු සිරකරුවන් නිදහස් කිරීමේ හා මාරු කිරීමේ අංශය වන, ‘බන්ධනාගාරේ තේ බ්‍රාන්ච්’ යනුවෙන් හැඳින්වෙන අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *