මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයාගෙන් CIDය ප්‍රශ්න කරයි.. යෝෂිතවත් වහා කැඳවයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ ඔහුගෙන් පැය හතරක කාලයක් මෙලෙස ප්‍රශ්න කර ඇතැයි වාර්තා සඳහන් කරයි.

නෙවිල් වන්නිආරච්චි සතුව ඇතැයි කියන විශාල වත්කම් ප්‍රමාණයක් ඔහු උපයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇතැයි දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂටද අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාව මත ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *