පොහොට්ටුවේ ප්‍රබලයෙකු වන බස්නාහිර හිටපු පලාත්සභා මන්ත්‍රී සලෝචන ගමගේ රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ කුරුදුවත්ත ටොරින්ටන් මාවතෙහි පිහිටා ඇති පුද්ගලික ඉඩමේ වටිනාකමට හිමි මුදල මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබා ගැනිම සදහා වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී එම අල්ලස ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස රුපියල් මිලියන 09ක අල්ලසක් අද (28) උදේ පිටකොට්ටේ ප්‍රදේශයේ ඇති අවන්හලක් තුලදි අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සලෝචන ගමගේ සහ දුෂාන්ත දිනේෂ් රත්නායක යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සලෝචන ගමගේ බස්නාහිර හිටපු පලාත් සභා මන්ත්‍රී සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙකු වන බව වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න