ව්‍යාපෘති 32ක් අතරමග නවතා කෝටි 381ක් වාෂ්ප කළ හිටපු ලොක්කන්ගේ කෙරුවාව මෙන්න…

ජල සැපයුම් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 32ක් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට අතරමග නතර වී ඇති බව වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ පසුගිය 2020 වර්ෂයේදී පළාත් සභා අරමුදල් මගින් ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 32 කි.

පළාත් සභා අරමුදල් මගින් ක්‍රියාත්මක වූ ජල සැපයුම් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 32 සදහා වැය කරන ලද රුපියල් කෝටි 381ක මුදලක් රජයට අහිමි වී ගොස් ඇති බව විගණන වාර්තාවක් අනාවරණය කර තිබේ.

ව්‍යාපෘති අතරමඟ නතර වී ඇත්තේ, ඇතැම් ගොඩනැගිලි ඉදිකිරීමට පළාත් සභා ආවරණය වන සමහර ප්‍රදේශ වල ජල සම්පාදන පහසුකම් නොමැතිවීම, එම ස්ථාන වලට ගමන් කිරීමට ප්‍රවේශ මාර්ග නොමැති වීම, ඉදිකිරීම් කරගෙන යන ගොඩනැගිලි අනුමත සැලසුම්වලට අනුකූල නොවීම නිසා බවද සදහන් වේ.

මහජන ඉල්ලීම් වලින් තොරව වෙළෙඳපොළ ඉදිකිරීම, සත්ත්ව පාලන මධ්‍යස්ථාන, සමෘද්ධි ව්‍යාපෘති සදහා ගොඩනැගිලි පවත්වා ගෙන යන ස්ථාන ආරම්භ කිරීම, ප්‍රජාශාලා ඉදිකිරීම යන ආදී ස්ථාන ආරම්භ කර ඇති බවද අනාවරණය වී ඇත.

එම ව්‍යාපෘති අතර ඇතැම් ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයකින් තොරව වන අතර පළාත් සභාවල අනුමැතියෙන් ආරම්භ කරන ලද ජල ටැංකි විශාල ප්‍රමාණයක් ඉදිකිරීම් කර ඇත්තේ බිම් මට්ටම සැලකිල්ලට නොගෙන බවද අනාවරණය වී ඇත.

Spread the news

Comments

“ව්‍යාපෘති 32ක් අතරමග නවතා කෝටි 381ක් වාෂ්ප කළ හිටපු ලොක්කන්ගේ කෙරුවාව මෙන්න…”ට එක් ප්‍රතිචාරයක්

  1. Jayantha bogahakotuwa Avatar

    Excellent, short and sweet informations.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *