වන අලි ගම්වැදීම පාලනය කිරීමට මුරපොළ යෙදීම අනුරාධපුර , මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර ඇත.
ඒ අනුව මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වන අලි තර්ජනයට ලක්වන ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12 ක් ඉදිකිරිමට පියවර ගෙන ඇති අතර මෙම මුර කුටි ඉදිකිරීම ප්‍රජා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය මත සිදුවේ.
එම ඉදිකිරිම් අවසන් වු පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුරකුටි වලට යොදවා ගනිමින් වන අලි ගම්වැදීම පාලනය කිරීමට නියමිත බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.
මෙම වැඩසටහන පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක්වූ උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඩබ්.ජී.ඩබ්. වනසිංහ මහතා සඳහන් කළේ , මෙම වැඩසටහන සාර්ථක වුයේ නම් අනෙකුත් දිස්ත්‍රික්ත්‍රික්කවලද ඉදිරි වර්ෂය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවය.
– මාධ්‍ය ඒකකය
ප්‍රතිචාරයක් ලබාදෙන්න