ෆාමසි 60ක ලයිෂන් කැන්සල්.!

පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධ අලෙවි සැල් 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ පවසන්නේ, ඖෂධවේදියකු නොමැතිව ක්‍රියාත්මක වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

ප්‍රමිතියකුන් තොරව පවත්වාගෙන යන ඖෂධ අලෙවි සැල් රැසක් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ලැබී ඇතැයිද ඔහු පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *