ජනතා සුනාමියෙන් අයහපත් දේශපාලනය ගහගෙන ගියා සේම ඊළඟ සුනාමිය පැමිණෙන්නේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අනතුරු ඇඟවීමක් කරයි.
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙමින් ඇති බවත් රාජ්‍ය නිලධාරීන් ෆයිල් යට ගහන ආකාරය ගැනත් පගාව දී වැඩකරගන්නා ආකාරය ගැනත් ඔවුන් සඳහන් කළ බවත් අමාත්‍යවරයා සදහන් කරයි.
උත්සව සභාවක් අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ එහි ලැයිස්තුවක් තමන් සතුව ඇති බවත් අවශ්‍ය නම් රාජ්‍ය සේවයට එරෙහි දේශපාලන සුනාමින් නිර්මාණය කිරීමේ හැකියාවක් තමන්ට ඇති බවත් ය.
තමන් විසින් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට මහජන දිනයක් වෙන්කළ බවද, එහිදී ජනතාවගෙන් 50%ක්ම රාජ්‍ය නිලධාරීන්ට දොස් පැවරූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න