කෘෂිකර්ම සහ පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස රජයෙන් ලබා දෙන ඉන්ධන, මෝටර් රථය සහ කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.ඒමි ආර් රත්නායක මහතාට ආපසු බාරදීමට කටයුතු කළේය.
එම තනතුර සඳහා මසකට ඩීසල් ලීටර් 300ක් ලැබෙන බවත් එම පිරිවැය වාර්ෂිකව ගණනය කළොත් දස ලක්ෂ විසි නව දහස් හයසියක( 1.029.600.) මුදලක් රජයට ඉතිරි කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසූවේය.
මෙම අවස්ථාවට මහජන අමාත්‍ය ආනන්ද විජේපාල වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණ සූර්ය, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශ සුදර්ශික පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මපිය දිසනායක මාහතා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න