රටේ ආර්ථික පුනරුදය වෙනුවෙන් ජනපති ඉන්දියාව සමග සාකච්ඡා අරඹයි…

ජනාධිපති අනුර කුමාර දිසානායක (15) රාත්‍රියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආචාර්ය එස්. ජයිශංකර් අතර පැවැත් වූ හමුවේදී මෙරට ආර්ථික පුනරුදයක් ඇතිකිරීම සදහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ වැඩි අවධානයට ලක්ව ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ පවසා ඇති අතර, ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවදානය යොමුකර ඇත.

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් ද මෙහිදී හමු වී ඇත.

ජනාධිපතිවරයා සහ නිර්මලා සීතා රාමන් අතර පැවැත් වූ සාකච්ඡාවේදී ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවාගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *