ලසන්ත, තාජුඩීන් සහ එක්නැලිගොඩට වෙච්ච දේ හෙළිවෙන්න යයි..!

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරන්නේ රටේ ආන්දෝලනාත්මක ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුවෙමින් පවතින බවත් ඊට අදාළ සියලු තොරතුරු නුදුරේදීම එළියට ගන්නා බවත් ය.

ආන්දෝලනාත්මක ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිදුවීම ඇතුළු සිදුවීම්වල සියලු තොරතුරු එළියට ගන්නා බවද නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සදහන් කරයි.

අදාළ සැකකරුවන් නීතිය හමුවට ගෙන එන බවත් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙම පරීක්ෂණ මතුකර ගැනීමට ජනාධිපතිවරයා පොලිසියට බලය පවරා ඇති බවද නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සදහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *