වී සහතික මිල අද කියනවා – නි. ඇමැති නාමල් කියයි.!

ගොවියාට සතුටු වියහැකි අයුරින් වී සඳහා අද (05දා) සහතික මිල තීරණය කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඊයේ (04දා) ජාතික පුවත්පතකට පවසා තිබේ.

මේ වනවිට වී කිලෝවක් රුපියල් 95ක් 100ක් වැනි මිලකට අලෙවි වන බවත් අද තීරණය කරන මිල අනුව වී කිලෝවක මිල රුපියල් 105කට ඉහළින් පවතින බවත් ඔහු සඳහන් කර ඇත.

වී මිල ප්‍රකාශයට පත්කිරීම අද පෙරවරු 11.00ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුකරන බවත් ඔහු පවසයි.

එහිදී රතු නාඩු, සුදු නාඩු සහ සම්බා වී මිල තීරණය කරන බවත් පොහොර සහනාධාරය නැතිව නිෂ්පාදන පිරිවැය අනුව මිල නියම කරන බවත් පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදන වියදමට සියයට 30ක් එකතු කර වී මිල තීරණය කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *