ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (04) පියවර ගෙන තිබේ.
ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
මෙලෙස වැඩ තහනමට ලක්වී ඇත්තේ, වීරකැටිය පොලිස් ස්ථානාධිපති , තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, කුඹුරුපිටිය විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති සහ ගල්කිස්ස පොලිස් සැරයන් යන නිලධාරීන්ගේය.
මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27 වනදා නියෝග කර තිබුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න