ජනතාව වෙනුවෙන් මාධ්‍ය හරියට මෙහෙයවනවා…

මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගම‍යේ නියෝජිතයින් පිරිසක් සමඟ පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගම‍යේ අදහස් සහ යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමත්, ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමත් අරමුණු කර ගෙන එම සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

එහි දී එම සංගමයට බලපාන්නා වූ දැනට කෙටුම්පත් කර ඇති පනතක් සහ ක්‍රියාත්මක වන පනත්වල යම් යම් අඩුපාඩු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමත්, සංගමයේ නියෝජිතයින්ට බලපානු ලබන පොදු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදුවිය.

– Media unit

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *