මහා පරිමාණ සහල් මෝල් වලින් නිකුත් කරන සහල් ප්‍රමාණය තවදුරටත් අධීක්ෂණය කිරීමට නිලධාරීන් යොදවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ වැඩි මිලට සහල් අලෙවි කළ හා සහල් තොග සඟවා ගෙන සිටි පුද්ගලයින් 80 කට එරෙහිව නඩු පැවරූ බවයි.
ගෙවුණු දින 03 තුළ එවැනි පුද්ගලයින් 201 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවත්, වැඩි මිලට සහල් විකුණන පුද්ගලයින් සොයා දීපව්‍යාප්තව වැටලීම් තවත් දැඩි කරන බවත් එම අධිකාරිය පවසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න