වන අලින්ගෙන් ගම් ආරක්ෂා කිරීම සඳහා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව විදුලි වැටක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සඳහන් කළේ, හම්බන්තොට වීරවිල එළිමහන් සිරකඳවුරේ මෙම වැට පළමුව ස්ථාපනය කරන බවයි.
පෞද්ගලික සමාගමක් සමඟ එක්ව සංවර්ධනය කරන ලද මෙම ව්‍යාපෘතිය හරහා රට පුරා ඇති ප්‍රමිතියෙන් තොර විදුලි වැටවල් පිළිබඳ ගැටළු විසඳීමට අපේක්ෂිත බවත් සඳහන්ය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න