විදෙස් ආයෝජකයන්ගෙන් කප්පම් ඉල්ලූ හිටපු ඇමැති ලොක්කෝ දෙන්නෙක් ගැන පැමිණිල්ලක්.!

පසුගිය ආණ්ඩු සමයන්හි ශ්‍රී ලංකාවට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගෙන්, හිටපු ඇමැතිවරුන් විසින් කප්පම් මුදල් ඉල්ලීම් හේතුවෙන් රට හැර ගොස් එම ආයෝජන ඉන්දියාව හා වියට්නාමය වැනි රටවලට ගෙන ගිය බවට පැමිණිලි ලැබී ඇත.

මෙම පැමිණිලි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු තානාපතිවරුන් විසින් නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, ඔස්ට්‍රේලියානු ආයෝජකයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට කප්පම් මුදල් ගෙවූ බවට තොරතුරු එරට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබූ අතර එම චෝදනා අනුව, ඔස්ට්‍රේලියානු ඉංජිනේරු සමාගමක් වන SMEC International විසින් ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට ඩොලර් 304,000 කට අධික මුදලක් 2009 සිට 2016 දක්වා කාලය තුළ ගෙවා ඇති බවට තහවුරු වී ඇත.

මෙම සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණයට දැඩි බලපෑම් ඇති වී ඇති අතර, ආයෝජකයන් රට හැර යාම නිසා ආර්ථිකයට ද දැඩි අහිතකර බලපෑමක් සිදුවී ඇත.

විදේශ අමාත්‍යාංශය මෙම පැමිණිලි පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අනාගතයේදී මෙවැනි සිදුවීම් වලක්වා ගැනීම සඳහා නීතිමය හා පරිපාලනමය පියවර ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *