ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 12 වැනිදා චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන දෙවැනි නිල විදෙස් සංචාරය මෙය වේ.
චීන රජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරෙන අතර, මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ජනපතිවරයා, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් සඳහන් වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න