ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර අහෝසියි.!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරියට එම තනතුරට කිසිවකු පත් නොකරන අතර එම කාර්ය මණ්ඩලය ද ඔවුනගේ මව් ඒකක වෙත නැවත යවනු ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබේ.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සතියේ විශ්‍රාම ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *