මිද්දෙනිය ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.!

මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදී තිබේ.

අත්අඩංගුව ගත් සැකකරුවන්ගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත.

ඒ අනුව සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ.

ඉකුත් 18වනවා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *