පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන මනුෂ නානායක්කාර රටින් පිටව ගොස් ඇති බව සමාජ ජාලවල වාර්තා පල වෙමින් ඇති අතර, ඔහු ස්විට්සර්ලන්තය ගොස් ඇති බවත් අනතුරුව වෙනත් යුරෝපා රටකට ගොස් ඇති බවත් සඳහන් වෙයි.
හිටපු අමාත්‍යවරයා පළමුව රටෙන් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව බිරිඳ සහ දරුවන් එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.
විදේශ රැකියා ලබාදෙන බවට පුද්ගලයන්ට රවටමින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වීම මත ඔහුගේ සහෝදරයා මේ වන විට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න