පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය ගන්න 6000ක දීමනාවක්.!

පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ මේ යටතේ අස්වැසුම හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා එක් ළමයකුට රු. 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

එය 2024.12.27 දින වන විට අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇති බව ද මුදල් අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයකුට රු. 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කර තිබේ.

එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Spread the news

Comments

“පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය ගන්න 6000ක දීමනාවක්.!”ට එක් ප්‍රතිචාරයක්

  1. ඉතාම වටිනා කටයුත්තක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *