ජනාධිපතිකමෙන් විශ්‍රාම ගියාට පස්සෙ මහින්දගේ විජේරාමයේ නිවස නඩත්තුවට කෝටි 4ක් ගිහින්.!

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වන කොළඹ 07 විජේරාම නිවස නඩත්තු කිරීම ඔහු ධුරයෙන් විශ්‍රාම ගිය පසු රුපියල් ලක්ෂ 430ක් (හාරසිය තිස් ලක්ෂ තිස් නව දහස් නවසිය හැට නවයක්) වැය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

එම නිවස අලුත්වැඩියා කිරීම සඳහා 2020 වසරේදී රුපියල් තිස්තුන්ලක්ෂ අසූදෙදහස් අටසිය අනූ දෙකක්, 2022දී තුන් ලක්ෂ අනූපන්දහසක්, 2023දී මිලියන 18.336ක් වැය කර ඇතැයිද නිවස සඳහා එක්ස්කැවේටරයක් (විදුලි පඩිපෙළක්) සවි කිරීම සඳහා රුපියල් ලක්ෂ 150.9ක් සහ ජෙනරේටරයක් මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් අටලක්ෂ අසූපන්දහස් අටසිය හතළිස් තුනක් ද වැය කර ඇතැයි ඇමැතිවරයා පැවසීය.

2023 වසරේදී පමණක් එම නිල නිවස නඩත්තු කිරීමට රුපියල් ලක්ෂ 383ක් වියදම් කර ඇති අතර 2024දීත් රුපියල් නව ලක්ෂ හතලිස් හයදහසක් වියදම් කර ඇතැයිද අමාත්‍යවරයා හෙළිකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *