මහින්ද කාල්ටන් නිවසට යන්න සූදානම් වෙයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරු කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම් දීමත් සමඟයි.

මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් බවත් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ලබාදෙන නිවසක් බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට යනු ඇතැයි සමීප ආරංචි මාර්ග කියයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *