ට්‍රම්ප් අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි.!

ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රප්ම් ඊයේ රාත්‍රියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව ඔහු ඉතිහාසගත වන්නේ අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසයි.

එමෙන්ම ට්‍රප්ම් අමෙරිකාවේ ජනාධිපති ධූරයේ දිවුරුම්දුන් දෙවැනි අවස්ථාව ද එයයි.

වොෂිංටනයට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන් කැපිටල් ගොඩනැගිල්ලේ Arena පරිශ්‍රය තුළ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණු අතර, අමෙරිකානු ජනාධිපතිවරයකු ගෘහස්ථ ස්ථානයක එවැනි පදවි ප්‍රාප්තියක් පැවැත්වූයේ වසර 40 කින් අනතුරුව පළමුවරට වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාව සඳහා ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලේනියා ට්‍රප්ම් ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන එලෝන් මස්ක්, ජෙෆ් බේසොස් මෙන්ම මාර්ක් සකර්බර්ග් ඇතුළු තවත් ව්‍යාපාරිකයන් රැසක් මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

එමෙන්ම අමෙරිකාවේ නව රජයේ උප ජනාධිපතිවරයා ලෙස ජේ. සී. වෑන්ස් දිවුරුම් දුන්නේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *