එජාප – සජබ දීගය ඇරඹෙයි.!

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ ඊයේ (20) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙනි.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණි.

එහිදී සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමග ද එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී තිබේ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේ සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පාර්ෂ්වයෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වීමටත් එහිදී තීරණය වී ඇතැයි වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *