මහින්ද – මෛත්‍රී තරඟෙට ගුවන්ගත වෙලා… අභ්‍යන්තර ගුවන් ගමන් තොරතුරු එළියට.!

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදා ගනිමින්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, රට අභ්‍යන්තරයේ සිදු කර තිබෙන ගමන් වාර සංඛ්‍යාව පිළිබදව හෙළිදරව්වී ඇත.

හෙළිදරව් කරගෙන තිබෙන ආකාරයට, 2005 සහ 2015 අතර කාල සීමාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යොදා ගනිමින් අභ්‍යන්තර ගුවන් ගමන් 978 ක් සිදු කර තිබේ.

සිය පස් අවුරුදු නිල කාලය තුළ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කර තිබෙන ගමන් වාර සංඛ්‍යාව 557ක් බවයි පැවසෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම ගුවන් ගමන් 557 මගින් ආවරණය කර තිබෙන දුර ප්‍රමාණය කිලෝ මීටර් 131,277ක්.

හෙලිකොප්ටරයක් පැයක් ගුවන්ගත කිරීමේදී එහි වාණිජමය වියදම ඇමෙරිකානු ඩොලර් 2200 (රුපියල් 660,000) ක් වන බවත් වාණිජ නොවන වියදම ඩොලර් 1600 (480,000) ක් පමණ වන බවත් ගුවන් හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *