ඉලංකෙයි තමිල් අරසු කච්චි තනතුරු වෙනස් වෙයි

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර තිබේ.

එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් පත් කර ඇති අතර, වව්නියාවේදී අද (28) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණවලට එළැඹුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීනේසන් සඳහන් කරයි.

අදාළ පත්වීම් මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බවද හෙතෙම පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *