මනුෂගේ සහෝදරයා අත්අඩංගුවට.!

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළවය.

බිබිල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන පරීක්‍ෂණයකට සිදු කරන විමර්ශණ වලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරන ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවද වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *